Breaking News
Loading...
Tuesday, August 3, 2010

නොමිලේ ලැබෙන දේ වලින් වැඩ ගැනීම Part 5

ඔන්න එහෙනම් දැන්වීම කරනය ගැන තමා දැන් කියන්න යන්නේ. ගානක් හොයාගන්න ඕන කියල හැම තැනම ඇඩ්ස් දාන්න යන්නනම් එපා.ඒකටත් පොඩි ක්‍රමයක් තියනව.මේකියන්න යන්නේ ඒක ගැන. ඔබට ගූගල් ඇඩ්සෙන්ස් ගිනුමක් තියනවනම් ඒකෙන් හොදට ප්‍රයෝජනගන්න පුලුවන්. ඇඩ්සෙන්ස් තියෙන්නම ඕනත් නෑ.ඒ වෙනුවට ඕනතරම් වෙන විකල්ප තියනව. හැබයි ඇඩ්සෙන්ස් නැත්නම් ඔබ මේ හදන වෙබ් අඩ්වියට ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්.ඒකට පොඩ්ඩක් වෙහෙසෙන්න වෙනව. හොද ට්‍ර‍ෆික් එකක් එහෙම හදාගත්තනම් ඒක ගන්න එක මහ දෙයක් නෙවී

වෙබ් දැන්වීම කරනයේදී නොයකුත් ක්‍රම තිබෙනවා.මූලික තැන ගන්නේ Adsense, geegain, adsbrite සහ clickbank වගේ මූලික තැනක් ගෙනතිබෙන වෙබ් අඩවි මගින් ලබාගන්නා දැන්වීම තමා. අනිත් එක තමා affiliate marketing කියන ක්‍රමය. මට මේක පැහැදිලිකරන්න නම් හරියට තේරෙන්නේ නෑ.නමුත් මම මේ ක්‍රමයේදී මූලිකව කෙරෙන දේ උදාහරනයකින් කියාදෙන්නම්

:- යම් වෙබ් හොස්ට් ආයතනයකින් තමන් සතු පිරිස වැඩිකරගැනීම සඳහා ඔවුන් මෙම affiliate program එකක් පවත්වාගෙන යෑම සිදුකරයි, එහිදී යම් අයකු එම අඩවියේ Affiliater කෙනෙකු ලෙස සේවයට බැදුනේනම් ඔහු විසින් සොයාදෙන පිරිස සඳහා ඔහුට යම් කොමිස් මුදලක් සොයාදීම සිදුකරයි. දැනට ලෝකයේ බොහේ වෙබ් අඩවි මෙම Affiliate ක්‍රමය භාවිතා කිරීම සිදුකරයි, මම හිතනව මේ Affiliate program කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න ඇති කියල.(මට කියාදෙන්න පුලුවන් උපරිමෙන්ම තමා මම මේක කියාදුනේ.)

ඔබ වෙබ් අඩවිය සාදා එහි දැන්වීම දැමීමදී affiliate marketing ක්‍රමයද යොදාගන්න මොකද මේක්‍රමය මගිනුත් ඔබට මුදලක් සොයාගන්න පුලුවන් නිසා. තවද ඔබේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධත්වය මත වෙනත් වෙබ් අඩවි මගින් සෘජුව දැන්වීම පලකිරීමටද ඔබට අවස්තාව ලැබෙනු ඇත.ආ තව දෙයක් ගොඩක්දෙනා මේ රෙෆරල් ලින්ක් වලින් වෙබ් අඩවි වලට පිවිසීමට අකමැත්තක් දක්වනව් ඒකනිසා ඒකටත් පොඩි Script එකක් යොදාගන්න පුලුවන්.

  • පහත ලින්ක් එක මගින් එම ස්ක්‍රිප්ට් එක බාගත කරන්න.
  • Download Now
මේක මම හදපු ස්ක්‍රිප්ට් එකක්නම් නෙමී.මේක වෙනත් වෙබ් අඩවියකින් ලබාගතපු ස්ක්‍රිප්ට් එකක්

දැන් ආපහු මාතෘකාවට බහිමු. මටතේරුන විදියට google adsense වගේම geegain දැන්වීම කරනයත් දියුනුවෙලා. ඔවුන් 2010 මැයි පලමු දින සිට අලුත්වීමත් සමග ඉතා විශාල දියුනුවක් ලබාගෙන තියනව කියල. එහෙනම් මම ඒක ගැන කතාකරන්නම්. මේ geegain වල ඔබසතුව පැරනි ගිනුමක් තිබුනේ නම් එය අලුත් කිරීම සිදුකල හොත් (ඒ කියුවෙ 2010 මැයි 1 දිනට පෙර සෑදූ ගිනුමක්) ඔවුන් විසින් ඔබට $5 වටිනා මුදලක් ඔබගේ නවගිනුමට ලබාගන්නත් පුලුවන්

  • මේ geegain ගිනුමක් හදාගන්න මේතනට පිවිසෙන්න,
Register now

Geegain ගිනුමක් හදන හැටි හා ඒ පිලිබඳව දල අවබෝදයක් ලබාගන්න මෙතනින් පිවිස මම මීටපෙර ඒගැන ලියූ ලිපිය බලන්න. අනිත් දැන්වීම කරනයනම් Adsbrite තමා. මේකෙන් මුදල් ලබාගන්න අපේ ගිනුම් $5 උනත් ඇති,එසේ $5 වූගමන් ඔවුන් අපේ ගෙදරටම චෙක්පතක් මගින් මුදල් එවීම සිදුකරනවා ඇති.

  • Adsbrite ගිනුමක් හදන්න මෙතනින් පිවිසෙන්න.


adsbriteගැන වැඩිදුර දැනගන්න මේතන ඔබන්න
මම හිතනවා දැන්වීම කරනය ගැන දල අවබෝදයක් හරි ගන්න ඇති කියල. ඔන්න මම දන්න විදියට දන්න දේවල් ඔකොක්ම වගේ කියාදුන්න. මේකියන්නේ මේ ලිපිපෙල ලියද්දි මට මගහැරුනු පොඩි පොඩි දේවල් ටිකක්. ගනන් ගන්න එපා පොඩි පොඩි දේවල් මිස් වෙනව තමා,

  • ඔය වෙබ් අඩවි හදනකොට එහෙම වැඩිපුර Java Script යොදාගන්න එපා,මොකද ඒකත් එක හේතුවක් තමා වෙබ් අඩවිය ලෝඩ්වීමට ගතවන කාලය වැඩිවෙන්න.
  • අනිත එක තමා ඔය වෙබ් අඩවිය සඳගා යොදාගන්නා පින්තූර පුලුවන් තරම් බර අඩුවෙන් තියන්න.ඒකෙනුත් වෙබ් අඩවිය ලෝඩ්වීම වෙගවත් කරන්න පුලුවන්

  • අනිත් එකතමා වෙබ් අඩවියේ දැන්වීම පලකරනකොට වෙබ් අඩවිය නරබන්නාට කරදරයක් නොවනා ආකාරයට පලකරන්න.

  • එක් එක් කාරනා සඳහා වෙන වෙනම පි‍ටු සෑදීම සිදුකරන්න. එමගින් පි‍ටු පෙරලෙන ප්‍රමානය වැඩි කරගන්න පුලුවන්.

  • අර මම මුලින් ලිපියක කියුව webpagemacker කියන මෘදුකාංහයේ නව සංස්කරනයක් දැන් නිකුත් වෙලා,ඒකෙන් Import යටතේ Html page කියල නව පහසු කමකුත් තියනව(එදා මම බාගත කරන්න දීපු එකේ එහෙම එකක් නෑ.)


ඒකත් ලියාපදිංචි කරන්න පරන සීරියල් අංකයම යොදාගන්නත් පුලුවන්.

2 comments:

  1. හායි යාලුවා......
    කියන්න ඈඩ්සෙන්ස් වලත් Adsbrite වලත් දෙකේම එකපාර register වෙලා ඉන්න එක අවුලක නෑද්ද?????????
    ranidudushayantha@yahoo.com

    ReplyDelete
  2. @Anonymous
    ඔව් අව්ලක් නෑ.මටත් මේ ගිනුම් දෙකක් තියනව.නමුත් දැන්වීම් කරනයේදී මේ දෙකම එකම වෙබ් අඩවියක භාවිතා කරද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger