Breaking News
Loading...
Tuesday, August 3, 2010

නොමිලේ ලැබෙන දේ වලින් වැඩ ගැනීම Part 2

බොහෝ දෙනා මෙහි පලමුකොටස බලන්න්නේ ඇති කියල විශ්වාස කරනව. පලමු ලිපිය බැලීමට මෙතන ඔබන්න. දැන් කවුරුත් වෙබ්භොස්ට් ගිනුමක් හදාගන්න්නේ ඇති කියලත් මම හිතනව. දැන් තියෙන්නේ හොද වෙබ් අඩවියක් හදාගන්න. එහෙනම් ඒ වැඩේට බහිමු. දැන් සමහරෙකුට හිතෙන්න පුලුවන් වෙබ් අඩවි නිර්මානයට HTML පිලිබඳ දැනුමක් නැතිව මේක කොහොමද කරගනයන්නේ කියල. එක පැත්තකින් ඒක සාධාරන වෙන්න පුලුවන්.නමුත්ඒක 100% සාධාරන නෑ.මොකද අපිට පොඩි Html පිලිබඳව දැනුමක් අවශ්ය වෙනවා තමා.නමුත් ගොඩක් ලොකු දැනුමක් නම් අවශ්ය වෙන්නේ නෑ. මටත් පොඩ්ඩක්වත් Html පිලිබඳව දැනුමක් නැතිනිසා මම යොදාගත්තේ Web Page Maker කියන මෘදුකාංගය.ඇත්තෙනම ගොඩක් වෙබ් අඩවි නිර්මානය සඳහා මෘදුකාංග තිබුනත්,ඒ කියුවෙ WebStudio, Macromedia Dreamweaver වගේ ඒව තිබුනත් ඒවයෙත් වැඩකරන්න ටිකක් විතර ලොකු දැනුමක් අවශ්ය වෙනව. නමුත් මේ Web Page Maker වල වැඩ කරන්න ගොඩක් ලේසී.අනිත් එක ගොඩක් හොඳට වෙබ් පිටු නිර්මානය කරගන්නත් පුලුවන්.

වෙබ් පිටු සැදීමදී පහත් කරුනු පිලිබඳව අවදානය යොමුකරන්නේ නම් හොද ප්රතිපල ලබාගත හැකිය.
  • මෙහි එක් කොටසක් සඳහා එක පිටුවක් ගානේ සෑදීම සිදුකල යුතුයි.
  • වැඩිපුර ජාව ස්ක්රිප්ට් සහ ප්රමානයෙන් විශාල පින්තූර යොදාගැනීමෙන් වැලකිය යුතුය.
  • බොහෝ ලෙස භාවිතාවන ෆොන්ට්ස් වර්ග භාවිතාකිරීම සිදුකලයුතුය.
  • නොයකුත් දැන්වීම වර්ග දැමීමදී ෆ්ලැශ් මගින් වැඩකරනා දැන්වීම හැකිතාක් අඩුකලයුතුය.
  • වෙබ් පිටුව ලොඩ්වීමට ගතවන කාලය පිලිබඳව වැඩි අවදානයක් යොමුකලයුතුය.
දැන් එහෙනම් ඒ Web Page Maker වලින් මේ වෙබ් පිටු නිර්මානය කරන ආකාර සොයා බලමු
  • මේ මෘදුකාංගය බාගත කරන්න මෙතන ඔබන්න.
Download Now

  • දැන් මේ මෘදුකාංගය සාමාන්ය පරිදි install කරන්න. මෙයින් නියාමාකාරයට වැඩගන්නනම් මේක ලියාපදිංචි කලයුතු වෙනවා.ඒ සඳහා ඒහි Sirial.txt තුල ඇති අංකය යොදාගන්න. ඔන්න දැන් එහෙනම් වැඩේ පටගමු.
මුලින්ම අපි සෑදීමට බලාපොරොත්තු වන වේබ් අඩවිය පිලිබඳව දල අදහසක් හිතේ මවාගැනීම සිදුකරන්න වෙනව. මම නම් කරන්න යන්නේ Sony Ericsson ජංගම දුරකතන සඳහා Themes බාගත කිරීම සඳහා වෙබ් අඩවියක්. නමුත් මාත් මේකෙ වැඩ සම්පූර්නයෙන් හදල ඉවර නෑ. මේක ගැන පැහැදිලි කිරීම සිදුකරන්න ඕන නිසම පලමු පිටුව විතරක් හදල ඉවරයි. ඒකෙත් පොඩිපොඩි ලෙඩ තියනව.වැඩිය කතා නැතුව අපි වැඩේට බහිමු.

මේ වෙබ් පේජ් මේකර් වල මූලික දේවල් ටික සොයා බලමු. හැබැයි ඔක්කොම කරුනු නොවේ මූලික කරුනු ටික පමනක් දන්න විදියට කියාදෙන්නම්

මෙහි ඇති Site Contents තුල pages යටතේ පෙන්වනුයේ අප විසින් සාදා ඇති සියලුම Pages ටිකයි.



අපහැදිලිනම් පින්තූරය උඩ ඔබන්න


එහිම Elements යටතේ වෙබ් පිටුව සඳහා එක්කොට ඇති images,navigation bar,videos,flash files, texts සහ java scripts යන සියලු දේ පෙන්වීම සිදුකරයි.


අපහැදිලිනම් පින්තූරය උඩ ඔබන්න


මෙහි File තුලින් Save as යටතේ යම් තැනක මේහි ගොනුවක් ආරක්ශිතව තැබුවොත් එය Project File එකක් ලෙස Save වීම සිදුවනවා ඇතී

මෙහි උඩින්ම ඇති Main Toolbar මෙනුවේ අපට මෙම වෙබ් පේජ් මේකර් තුලින් වැඩ කිරීමදි මූලික වශයෙන් ඒ කියුවෙ නිතරම ඕනවෙන දෙවල් ටිකට කෙටි මාර්ග හැටියට තමා මේ මෙනූ එක තියෙන්නේ.


අපහැදිලිනම් පින්තූරය උඩ ඔබන්න


ඔබ වෙබ් පිටුව සාදමින් සිටින අතරතුර බ්රවුසර් එකක් තුලින් විවුර්ත කොට බැලීම සඳහා F5 ඔබන්න.


අපහැදිලිනම් පින්තූරය උඩ ඔබන්න


මෙහි Insert තුල ඇති Ready-to-use Java Scripts...තුලින් ඔබ සාදාගන්නා වෙන් පිටුවට නොයකුත් ඉෆෙක්ට්ස් දාගැනීම සිදුකරන්න පුලුවන්.ඒ කියුවෙ හිමවැටීම් වැනිදෑ


අපහැදිලිනම් පින්තූරය උඩ ඔබන්න


ඔබ දැන්වීම ලබාගෙන එහි ජාව ස්ක්රිප්ට් වැනිදැ ඇතුත්කිරීම සඳහා Insert තුලින් Html Code or Script code යන්න ලබාදිය යුතුය

අපහැදිලිනම් පින්තූරය උඩ ඔබන්න

ඔබ වෙබ් පිටුව සාදා අවසන්වූවිට Save කිරීම සඳහා File තුලින් ගොස් Export To Html...යන්න ලබා දෙන්න.

අපහැදිලිනම් පින්තූරය උඩ ඔබන්න


ඔයටික තමා මූලික කරුනු ටික.එහෙනම් දැන්ම වෙබ් අඩවිය සෑදීම සිදුකරන්න. ඊටපස්සෙ කියාදෙන්නම් මේක අන්තර්ජාලයට එකතුකරන හැටිහා ඒ තුලට ඩෝමේන් නාමයක් එකතුකරන ආකාරය ගැන. අද ලිපියනම් හිතුවටත් වඩිය දිගවුන නිසා අපි අනෙත් ලිපියෙන් හමුවෙමු.

0 comments:

Post a Comment

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger