ඊබේ සහ ලැප්ටොප්

කම්මැලිකම යන්නත් එක්ක මොනව හරි ලියන්න ඌන කියල හිත හිත හිටියට කියන්න නම් වෙන්නෙම නෑ, ඒනිසා පොඩි ඊබේ කතාවක් ගැන ලියන්න හිතුන, මේ දවස් ටිකේ පොඩ්ඩක් පේපෑල් සල්ලි ලංකාවට ගන්න ක්‍රමයක් හොය හොය හිටිය, ඒත් තාම මම හිතපු තරම් නම් වැඩේ සාර්ථක උනේ නෑ, ඒනිසා තාම මනිබූකරස් තමා,
ඒක පොඩි අතුරු කතාවක්, දැන් ආපහු පරන කතව...
DP හරහ පොඩි සේල්ස් ටිකක් කරල ගානක් හොයගෙන ඊබොකෙන් බඩු ටිකක් ගත්ත, ඔය අතරෙ පොඩ්ඩක් ලැප්ටොප්පිස්සුවක් ගහල තිබුනෙ, ඒනිසා ඊබොක්කෙ ලැටොප් ගැන හෙව්ව,ඒව දැකල පිස්සුව වැඩි වෙලා තිබුනෙ, කොහොම ඒ වෙනකොට පේපෑල් වල $250ක් $300ක් වගේ තමා තිබුනෙ, මටත් හොදට ඕන නිසා මම ඉතින් Core I7 විතරමෛ හෙව්වෙ, නමුත් තියන ඔක්කෝම $900 පන්නල තමා තියෙන්නෙ (ශිපින් වලටත් එක්ක). තාත්තගෙ කාඩ් එකෙන් ඔච්චර ගානකට විද්දොත් ගදර ඉන්නත් නැති වෙන නිසා ඕන එකක් වෙන්න කියල එක සයිට් එකක් විකුනුව,
ඒ තීරනේ ගන්න පොඩ්ඩක් දුක හිතුනට ලැප් සිහිනය නිසා ඔන්න ඔහේ විකුනල දැම්ම, සයිට් ඉතින් හදන්න බැරිය ඕන වෙලාවක, යාන්තමින් $950ක් හොයගත්ත දැන් නම් පට්ට මොරාල්, කොහොමින් කොහොම හරි ඊබේ එක පීරල $1030.24 කට ගන්න හිතේ පරිදි එකක් හොයගත,
පස්සෙ සෙලර් කාරයට දැම්ම මේල් එකක් ,මගේ ඊබේ වල තියන ශිපින් ඇඩ්රස් එකට මේක එවන්න පූවන්ද කියල.ඒ වෙලාවෙ උන්ගෙ රටේ (United States) වෙලාව අනුව රෑ 2 වගේ වෙලාලු, ඉතින් සෙලර් කාරයත් කබ කඩ කඩ අවිල්ල මට රිප්ලයි කලා, ඒ කියන්නෙ මම කරපු යෝජනාවට කැමතී කියල.අම්මෝ ඒ වචනෙ දෙයියො දැක්ක වගේ, මම ටක් ගාල සල්ලි ගෙව්ව
http://www.ebay.com/itm/380366231129#ht_4588wt_1037 දැන් නම් මේ ලින්ක් එකේ තිබුන ලැප්ටොප් විකිනිලා ඉවරයි., (ඒ නිසා ටික දවසකින් මේ ලින්ක් එක වැඩ කරන එකක් නෑ, මම ස්ක්‍රීන් ශොට් එකක් ඒ නිසා ගත්ත)
කොහොමින් කොහොම හරි සෙලර් කාරය උදේ වෙච ගමන්ම ශිප් කලා කියල මේක් එකක් ආව, තව USPS වලින් Tracking ID එකකුත් දුන්න දැනට මේක කොහෙද තියෙන්නෙ කියල, දැන් ඉතින් දත්කූරු කකා දවස් 5ක් විතර ඉන්නකොට ගාල්ලෙ තැපැල් කන්තෝරුවෙන් කෝල් කරපි, "මෙන්න උබට පාර්සලයක් තියනව, පට්ට තඩි පෙට්ටියක් සල්ලි කීයක් හරි අරගෙන වරෙන් මේක අරන් යන්න කියල"
ඒවෙලාවෙනම් බඩපපුව දන්න ගත්ත ටැක්ස් ගැන මතක්වෙලා, කොකටත් කියල සල්ලිත් අරගෙන ගියා ගාලට බයික් එකෙන්, ගිහිල්ල ID එක එහෙම දුන්නම කියුව වගේ ලොකු පෙට්ටියක් උස්සන් ආව, ඒක දැක්කම මම හිතුව ගෙනාපු ගාන මදි වේවි කියලත්. සෙලර් කාරය මදි නොකියන්න පට්ට තඩි පෙට්ටියක මේක දල එවල, මොනව කරන්නද, පෙට්ටිය ඇරල බැලුවම ඒක ඇතුලෙ තව හිස් පෙට්ටියකුයි ලප් එක තියන ඔර්ගිනල් පෙට්ටියයි.සෙලර් නොට් එකක් දාල තියනව පෙට්ටිය කඩලනම් ගන්න එප කියල,අපි කොහොමත් ඒවගේ ඒව ගන්නෙ නෑ නේ, ඉතින් හොදට බලල එතනදි ලප් එක එලියට අරන් බැලුව, නිකන් කිරි ටොයිය වගේ තිබුන, ඔන් කරල බලලා අපහු ඒ පෙට්ටියටම දගෙන ඔන්න ටැක්ස් ගැන කතා කරන්න ගත්ත
මෙන්න මේක කියපි මේක 9000ක් වගේ ටැක්ස් ගහන්නවෙනවලු, අනේ බුදුසර් කියල නාහෙන් අඩල අඩල ශේප් එකේ 5000කට බස්ස ගත්ත, කොහොමින් කොහොම හරි ගෙදර ගෙනල්ල වැඩ ඇරබුව, ඇත්තෙන්ම කියල වැඩක් නෑ, මම හිතුවට වඩා වැඩ නම් සුපිරී,
මේකෙ පහසුකම් විදියට මෙන්න මෙව තම තියෙන්නෙ
PROCESSOR:
· 2nd generation Intel® Core™ i7-2630QM Processor 2.00GHz with Turbo Boost Technology up to 2.90GHz
OPERATING SYSTEM:
· Genuine Windows® 7 Home Premium (64-bit)
DISPLAY:
· 15.6" diagonal High-Definition HP BrightView LED Display (1366 x 768)
MEMORY (RAM):
· 8GB DDR3
HARD DRIVE:
· 750GB (5400RPM) SATA with HP ProtectSmart Hard Drive Protection
WEIGHT & DIMENSIONS:
· (w x d x h) 5.78 lbs; 14.88" x 9.71" x 1.23"/1.39"
BATTERY LIFE:
· Up to 5.75 hours
BATTERY:
· 6-Cell 55WHr Lithium-Ion Battery
FINISH:
· Brushed aluminum in steel gray
(ඔය ටික ඊබේ වලින් තමා කොපි කරගතෙ)
මෙච්චර පොස්ට් එකක්දාල පින්තූරයක් දැම්මෙ නැත්නම් හරිනෑ නේ


පට්ට ලැප
ReplyDeleteමලයෝ.... පට්ටම පට්ට...
ReplyDeleteඔය spec එකම් තියෙන එකක් ලංකාචේ කියක් විතර වෙනවද?
"DP හරහ පොඩි සේල්ස් ටිකක් කරල ගානක් හොයගෙන "
අපිටත් කියලා දෙන බැරිද?.....
@Lanka
ReplyDeleteමම මේ පහසුකම්ම තියන ලැප් එකක් මාතර කඩේකින් බැලුවමනම් RS- 146, 000ක් කියුව, මගේ යාලුවෙක් ලගදි මීට වඩාපොඩ්ඩක් වෙනස් ලැලැප් එකක් ගත ඒක 135 000 කට ගත්තෙ(ඒකෙ රැම් එක හා හාඩ් එක මීට වඩා අඩුයි)
DP වලින් කරන්නෙ ස්පොන්සර්ලින්ක්ස් සේල් කරන එක, ඒගැන ඉස්සරහට කියදෙන්නම් :)
කියල වැඩැක් නැහැ කොල්ලො ඔයානම් මාරම වැඩකාරයෙක්. ඒක නෙමෙයි ඔයා වික්ක සයිට් එක මොකක්ද.මම ලඟ හොද blogger templates වගයක් තියෙනව. මට මේව විකුනගන්න විදියක් කියනවද? මේ බ්ලොග් එක මම ආසාවෙන් කියෙව්ව. ඔයාගෙ English බ්ලොග් වල ලිපින ටිකත් දාන්නකෝ මට කියවන්න මම සිංහල type කරන්න ටිකක් අමාරුයි. මේකත් ගැහැව්වෙ ලොකු වෙලාවක් අරන්. මට reply එකක් දාන්න හොදේ. ඔයාට සුබම සුබ අනාගතයක් වේවා ලසිඳු මල්ලියෝ.
ReplyDeleteමල්ලි DP කියන්නෙ මොකක්ද? මොනවද ඔයා SELL කරන්නෙ? අපිටත් කියන්න කෝ
ReplyDelete-අතුල සමරදිවාකර
ලසිඳු buysellads.com වලින් ලැබෙන මුදල් ඔයා ලංකාවට ගෙන්න ගන්නෙ කොහොමද? Moneybookers.com හරහා එම මුදල් ලංකාවෙ බැංකු ගිණුමකට බැරකරගන්න පුලුවන්ද? කම්මැලි කමට ලිව්වට හොඳ ලිපියක් ආසාවෙන් කියෙව්ව. ඔයාගෙ උත්සාහ වන්ත කම ගැන මට සතුටුයි.
ReplyDeleteමෙකේ වොරන්ටි එහෙම කොහොමෙයි?
ReplyDelete@Anonymous
ReplyDelete2 Years Warranty එකක් ලැබෙනව
macho Paypal ekin HNB bankuwata salli recieve karanna puluwan da??
ReplyDelete@Anonymous
ReplyDeleteමම විකුනුවෙ www.coolwallpaperslk.com කියන වෙබ් එක. බ්ලොගර් ටෙම්ප්ලටෙ ගොඩක් හොද තත්වෙ ඒ වනම් ඔයාට පුලුවන් DP වලින් සෙල් කරන්න.සිංහලෙන් පොස්ට් ලියන්නෙ අම භාවිත කරන්නෙ මෙන්නෙ මේක http://singreesi.vndv.com/download.htm
මම ඉන්ග්ලිශ් බ්ලොග් කරන්නෙ ඇඩ්සෙන්ස් වලට විතරයි, ඒව ඔටෝ බ්ලොග්ස්
@Anonymous / අතුල සමරදිවාකර
DP කියන්නෙ http://forums.digitalpoint.com වෙබ් ෆෝරම් එක
@Nalaka Prasad
මම දැනටනම් ලංකාවට සල්ලි ගෙනවගතෙ නෑ, මම නෙට් එකෙන් බඩු ගතපු එක තමා කලේ, BSA වලින් මනිබූකර්ස් සහය දක්වන්නෙ නෑ, සල්ලි ගෙන්ව ගන්න නම් පේපෑල් හෝ චෙක්පත් භාවිතා කරන්න පුලුවන්, අයියේ මේ ඔයාගේ බ්ලොග්ගෙර් ප්‍රොෆයිල් එක මීට කලින් වෙන කවුරුහරි බහාවිතා කලාද?
macho umba ebay ekin dropship karala thiyenawadha?
ReplyDeleteලසිඳු අයියේ...කොහොමද බ්ලොග් එකක් විකුණන්නෙ...එහෙම විකුණන්න පුළුවන් සයිට් එකක් දෙනවද?
ReplyDelete@Anonymous
ReplyDeleteඒ ගෑන නම් මම් අහරියට දන්නෙ නෑ, මමත් මේ දවස් වල ඒගැන හොයනව
@Anonymous
නෑ මම ඊබේ වලින් සල්ලි හොයල නෑ
@Dulara
බ්ලොග් නම් විකුනන්න ටිකක් අමාරුයි, ටොප්ලෙවල් ඩොමේන් එකක් තියන රන්ක් වෙචච් බ්ලොග් එකක් නම, තව ඒකේන් හොද ආදායමක් ගන්න පුලුවන් නම විකුනන්න පුලුවන්
machan umbe paypal account eka mona country ekatada hadhala thiyenne?
ReplyDelete@Anonymous
ReplyDeleteමම දැනට භාවිතා කරන්නෙ සවුත් කොරියා ගිනුමක්
oyate giya mulu gana Rs walin kiyak witharada
ReplyDelete@Anonymous
ReplyDelete116 000.000 වගේ තමා මට සම්පූර්ණ වියදම් උනේ
maxxa bn! uparimainee!
ReplyDeleteNiyama LAP 1 machan.machan ebay 1n Apple iphone 1k gennuwoth TAX walata amatharawa TRC Approval 1th gannaonada?dannawanam mata poddak kiyapanko machan.mamath me dawaswala iphone 1ka ta bid karanawa akai.
ReplyDeleteඅයියේ Lap එකනම් මරු. අයියේ අපිටත් DP වලින් කීයක් හරි හොයගන්න විදිහ කියලා දේනවද?
ReplyDelete@Dilina
ReplyDeleteම්බොහොම ස්තුතී මචන්, මෙහෙමයි කතාව, මම දැනට ඔය වගේ Mobile Phone එකක් ගෙන්නවගෙන තියනව, ඒකටනම් මම ටැක්ස් හෝ TRCගියේ නෑ, ගෙදරටම ආව, මම සෙලර් එක්ක කතාකරල බොක්ස් එක නැතුව දුරකතනය හා අනෙකුත් චාජර් වගේ දේ වල් විතරක් පාර්සලයක දාල ගෙන්වගත්ත, අනික මම පර්සල් එක ගෙන්න ගත්තෙ ගිෆ්ට් එකක් විදියට නියම මිල නොදා අඩු මිලක් සටහන් කරල, මේ දේට කවෘත් සෙලර්ල කැමතිවෙන්නෙ නම් නෑ,සේලර් එක්ක කතා කරල බලන්න, අනික ගොඩක් කලාතුරකින් තම උන්ට අහුනොවි ශේප් කරගන්න පුලුවන් වෙන්නෙ
@methla
ඒගෑන මම ඉදිරියෙදි කියදෙන්නම්, බොහොම ස්තුතී කමෙන්ට් එකට
Machan Mata moneybookers gana Tikk kiyala Diyanko
ReplyDeleteඅයියේ මාර වැඩේ ඔයා දුන්න මේ http://www.indyarocks.com Site එකේන් මම පොඩි ගානක් හෝයා ගත්තාග හැබැයි පොඩි ප්‍රස්නක් තියනෙවා මෙකේ සල්ලි අපිට ගෙන්න ගන්න විදිහක් නෑනේ? මොකද මේකෙ Contry එක විදිහට India විතරයි තියෙන්නේ මොකද කරන්නේ.
ReplyDeleteමම අයියට E-Mail එකක් එව්වා හම්බ උනාද දන්නෑ අයියේ මෙකට උත්තරය මට E-Mail කරන්න හෝ Comment විදිහටම දාන්න.
Pay Pal වල වේන රටක ගිනුමක් හඩා ගන්නේ කොහොමද කියලා කියනවද? moneybookers ගැනත් පොස්ට් එකක් දැම්මනන් හොදයි කියල හිතනවා
ReplyDeleteඑල ලිපියක්. මල්ලි වැඩ කාරයෙක්නෙ.
ReplyDeleteමමත් ෆ්රීලාන්සිං කරල චුට්ටි චුට්ටි ගණං හොයාගෙන තියෙනව. නමුත් මෙච්චර නම් නෑ. :D
බ්ලොගර් වගේ තැනක හදල තියෙන අඩවි විකුණන්න බෑ නේද?
ටොප් ඩොමේන් එකක් තිබිය යුතුයි, හොස්ට් කරල තිබිය යුතුයි මම දන්න විදිහට. නමුත් එහෙම නැතුවත් විකුණන්න පුළුවන් තැන් ඇති.
Plimus හරහා පොඩි ජිල්මාට් එකකින් paypal සල්ලි අතට ගන්න පුළුවනි.
ReplyDeletePlimus කියන්නෙ නොමිලේ payment gateway එකක් හදාගන්න පුළුවන් ප්‍රසිද්ධ අඩවියක්. තේරෙනවනෙ කොහොමද එතකොට සල්ලි ගෙන්නගන්න පුළුවන් කියල. :)
@Madhawa Habarakada
ReplyDeleteඅපි සයිට් එකක් විකුනන්න නම් අනිවාර්යෙන් ටොප්ලෙවල් ඩොමෛන් සහ පේජ් රෑන්ක් ඇලෙක්සා රෑන්ක් වගේ දේවල් ඕන වෙනව.තව අපි විකුනන සයිට් එකෙන් අපි ආදායමක් හොයල තියනව කියල පෙන්වන්නත් වෙනව.ඒ සයිට් එක හොද ප්‍රීමියම් පෙනුමක් තියෙන්න ඕන
ඔව් මමත් මේ දවස්වල පොඩ්ඩක් ටෙස්ට් කිරීම කරගෙන යනව, මට තේරුන විදියට Plimus වලට වඩා fastspring කියන සේවාව හොදයි වගේ :)
ඔය සල්ලි හොයන විද්‍ය අපිටත් කියල දෙන්න බැරිද?
ReplyDelete@Anonymous
ReplyDeleteමම මේ සල්ලි හොයන විදිය කියාදෙනව, නමුත් මම ලංකාවෙ ඉන්න සමහර සත්තු නිසා මම මේ ගෑන ලියන්නෙ නෑ, ඒ අනුන්ට ඉරිසියා කරල නෙවෙයි,කන්න දීපු අත හපාකන මිනිස්සු නිසා
mchan mata podi udawwak one. uba adsence walata use karanne auto blogging kiyala dawsak kiyla thianwa mama dekka. a kianne copy paste wagemane. ithin ethakota page rank eka wedi wenawda? mama danna widiyata nam copy past walata ehama wdi wen ne. mama harida weradida kinawada? anith karane adsence wenuwata hodama mokak kiylada uba kiyanne? seo gena puluwan nam lipi tikakuth dapanko
ReplyDelete@Anonymous
ReplyDeleteඅපි වර්ඩ් ප්‍රෙස් භාවිතා කරල ඔටෝ බ්ලොග්ස් හදනකොට 100%ක්ම අනුන්ගෙ බ්ලොග් එකක් කොපි වෙලා එන්නෙ නෑ, අනිස අචරම අව්ලක් නෑ, නමුත් ඇඩ්සෙන්ස් ගිනුම ගොඩක් ලොකු අවදානමකට මුහුන දෙනව.දැනට මම ඔටෝ බ්ලොග් කරන එක ටික කාලෙකට නවත්තල තියෙන්නෙ, ඒ නම් වෙන හේතුවක් නිසා, නමුත් ඔටෝබ්ලොග් කිරීම සාර්තක ක්‍රමයක්, අපි දැනට භාවිතාකලේ නැති නාට ලෝකෙ ඉන්න ගොඩක් වෙබ්මස්ටර්ල මේ ක්‍රමය භාවිතා කරනව
එල. ලැප් එක ගැන විස්තරේට වඩා සල්ලි හොයපු විදිහට තමා මම ගොඩක් කැමති. මාත් ගොඩක් කල් ඉදලා ADSENSE භාවිතා කරනවා. ඒත් මහන්සි වෙන තරමට සැලකිය යුතු මුදලක් හම්බකරගන්න බැරිඋනා කියල තමයි මට තාම හිතෙන්නෙ.
ReplyDelete@Lasantha Wickramasinghe
ReplyDeleteමමත් ඒ කතාව පිලිගන්නව, මමත් මහන්සි වෙන තරම්ම නම් ලැබෙන්නෙ නෑ, ඒව මීට ක්ලින් ලංකාවෙ ගොඩක් ලොකු වෙබ් සයිට් කරන් රජවෙන්න් ගිය කට්ටියගෙ වඩ තම...
නමුත් ඇඩ්සෙන්ස් හරියට භාවිතා කරල කීයක් හරි හොයගන්න පුලුවන් ක්‍රමයක් ගැන මම ලියන්නම්, මේ බ්ලොග් එක ලියන එක දැනට එපාවෙල තියෙන්නෙ සමහර සත්තුන්ගෙ වැඩ නිසා, ඒත් එක්කෙනෙක්ට හරි උදවුවක් වෙන්න කියල හිතාගෙන් මම ලියනම්
නියමයි වගේ... මම අද තමා මේ පැත්තට අවේ...
ReplyDeletegood work
This is really amazing ....Please write more for us.
ReplyDeleteපට්ට බං....කියල වැඩක නෑ උබේ රචනා ශිල්පය නම ඉහලයි....වඩාත් එහෙමමයි. ගින්දර ආ....
ReplyDeleteෆට්ට ෆට්ට...
ReplyDeletetrc එකෙන් මොකුත් කිවුවේ නැද්ද???
නෑ කිසිම ප්‍රශ්නයක් උනේ නෑ, මම දන්න තරමින් මොබයිල් එකක් ගෙනාවොත් තමා ටීඅර්සී එකෙන් කේස් දාන්නෙ
ReplyDeleteniyamai, ela kollek ha
ReplyDeleteනියමයි මචන්. මාත් ebay එකේ බඩු විකුනනනවා. මම දැනට ebay එකෙන් $99,845 ක් හොයල තියෙනවා. රුපියල් වලින් නම් කෝටියකටත් වැඩි. මම ඕකෙන් සල්ලි ටිකක් අරන් හා හා පුරා කියල. fix deposit එකක් දැම්ම. දැන් මාසෙට රස්සාවක් කරනවාට වඩා හොද පොලියක් එනවා කිසි අවුලක් නෑ. මට තවම වයසකුත් නෑ නේ (22year ) මම ebay එක බඩු විකුනන්න පටන් අරන් දැනට අවුරුද්ද විතර වෙනවා. රජයේ බදූ මගුල්, අදායම් බදූ හින්ද පන බයේ ඉන්නේ දැන්. හැබැයි මම ebay එකට join උනේ නම් 2008 ජොබ් එකක් නැති හින්ද කියක් හරි හොයා ගන්න තමයි මම උත්සහ කරේ. එක පල දරුවා.
ReplyDeleteමට us bank account එකක් තියෙන හින්ද කිසි ප්‍රශ්නයක් නෑ සල්ලි නම් විත්ද්‍රව් කර ගන්න. US bank එකඟ සල්ලි ගන්න හැටිත් මම ම තායි හොයා ගත්තේ. ඒ කියන්නේ ලංකාවේ ඉදන් US bank account එකක් ඔපෙන් කරන්න උනත් පුළුවන්
අහන්නත් සතුටුයි, මම නම් ඒබේ වලින් සල්ලි හොයල නෑ, නමුද් දන්න කියන ඊබේ සෙලර්ස්ල ගොඩක් දෙනෙක් කියුවක් ගොඩක් ලාභ ගන්න පුලුවන් කියල
ReplyDelete@Lasindu
ReplyDeleteඔව් මචෝ,මොලේ කල්පනා කරලා හොද item ටිකක් ලිස්ට් කර නම් උණු කැවුම් වගේ විකිනෙනනවා. මම dropshipping කරන හින්ද කිසිම අවුලක් නැතුව buyers ලට item ෂිප් කරගන්න පුළුවන්.
try කරලා බලන්න ebay එක sell කරන්න. කෝටිපතියෙක් වෙන්න පුළුවන්. Dropshiping කරන්න පුළුවන් හොද වෙබ් සයිට් කීපයක් ම තියෙනවා. මෙතන ඒවා වල නම් දැම්මොත් ස්පෑම් වෙයි නේද?
ඔව් මමත් ඒ ගැන දැනගන්න ටිකක් වෙහෙසෙනව, නෑ එහෙම ස්පෑම් වෙන්නෙ නෑ, ලිපිය අදාල නොවනව නම් තමා එහෙම වෙන්නෙ, ලින්ක් සාමාන්‍ය විඩියට දාන්න එතකොට හරි.:)
ReplyDeleteaiyo salli.........
ReplyDeleteane manda yalu. mageth blog 4 k withara tiyenawa. top level domain ekakuth tiyenawa. eth tawama sathayakwath hoyanna hambune ne.$ 3 k nam paypal ekata awa fast2earn eka haraha. ads click karanawata denne $0.07 withara. adsence mata add wenne ne.ane mata help ekak dennalako............pls pls pls pls
elakiri blog ekakne meka
ReplyDeleteමම මෙ බ්ලොග් එක දැක්කෙ අද මමත් ඊ බොක්කෙන් ලැප්ටොප් කීබෝඩ් එකක් නම ගත්තා වියදම් වුනේ රු 1200ක් විතර ඒකම යුනිට් එකේ රු 7500ක් කිවුවා ඉතින් ලාබයි නේද හැබැයි ටැක්ස් නම ්ගැහුවෙ නෑ පොස්ට්මන් ගෙදරටම ගෙනාවා .
ReplyDeleteඒ ඇරෙන්න ඊ බොක්කෙ බඩු විකුනන්න නම මම දන්නෙ නෑ. ඒ ගැන දැනගන්න නම් මමත් ආසයි.
@Train Trveller
ReplyDeleteඔව් ඊබේ නම් ගොඩක් ලාබයි.මම නම් ඊබේ වල බදු විකුනනේ නෑ, නමුත් යුටියුබ් වල වීඩියෝ නම් තියනව දැක්ක :D
machn....seller karayata kiyanna epai adu ganak gahala ewanna kiyala???
ReplyDeletethawa machn kandu custome eken mage i5 lap ekata Rs800 tax gahuwe...dan lap walata ochchara tax gahanne na.......
එල එල
ReplyDeleteමචා මට මේ ගැන අහන්න ප්‍රශ්න ගොඩක් ඇත
ReplyDeleteඋඔ කිවුව නේද ඕකට 2 වොරන්ට් එකක් තියෙනව කියල... එතකොට බන් මොකක් හරි හදිස්සි කේස් එකක් උනොත් වොරන්ට් ගන්න ආපහු ගත්ත නෙකාට යවන්න වෙනවද නැත්තං ලංකාවෙන් වොරන්ට් ගන්න පුලුවන්ද??.. ලංකාවෙන් වොරන්ට් ගන්න පුලුවන්නං ඒ කොහේද??
ලංකාවෙ ෂොප් එකකින් අපි හොයල බලල් ලැප් එකක් ගන්නව වගේ අපිට හොඳ ලැප් ඔය ඊ බේ සෙලර්ස් අය එවනවද?? මමත් ලංකාවෙ උන් ගෙන් කුරියර් කරලා ලැපක් ගත්තා ගෙනාවට පස්සෙ දැක්කෙ ඒකෙ පොඩි පොඩි ඩැමේජස් තියෙනව කියල... අනික රැම් කාඩ් එහෙමත් අම්මෙක් අප්පෙක් නැති රැම් තමා දාල තියෙන්නේ... ලැප අමු ජරාවක්... ලංකාවෙ උන් එහෙම කරනවනං ඊ බේ සෙලර් කස්ටිය එහෙම නොකරයිද??
අනික බන්... දිගට දිගට ඊ බේ එකෙන් අයිටම්ස් ගෙන්නන්න පටන් ගත්තම අපිට මොකක් හරි අවුලක් වෙයිද?? නැත්නම් ටැක්ස් එකක් වදින්නෙ අපි ගෙන්නන අයිටම් එක ලංකාවෙද නැවතුනොත් විතරද??
@Anonymouas
ReplyDeleteපට්ට ප්‍රශ්න වලක්නේ මචන් :) අව්ලක් නෑ මම කියනම්.
මෙහෙමයි, මේකට ඉන්ටර්නැෂනල් වොරන්ට් එකක් දුන්නේ,ලංකාවේ HP ඩිලර්ගෙන මාරු කරගන්න පුළුවන්,
ඔව ලංකාවේ වගේ දෙකයි පනහේ ලැබේ බලගතපු නෙවෙයි මේකේ ඉන්නේ (නමුත් ඇහෙම අයත් ඉන්නවා ) මම මේක ගත්තේ ටොප් රෙටඩ් සෙලර් කෙනෙක්ගෙන්, ඒ කියන්නේ මිනිහ හොද බඩු විකුණලා කප් ගහපු පොරක් එනිසා එචර බයක් හිතුනේ නෑ.අනික ටොප් රෙටඩ් කෙනෙක් කවදාවත් ජරාවල් විකුනන්නේ නෑ. උන් පුළුවන් තරං පොසිටිවූ ෆිඩ් බැක් වලට තමයි වැඩකරන්නේ
ebay වලින් දිගටම බඩු ගෙන්නුවා කියල අව්ලක් නම් නෑ. මම දැනට ගොඩක් දේවල් ගෙන්නලා තියනව, කිසිස් අව්ලක් නැතුව ගෙදරට එනව, මේක හොර වැඩක වත බයවෙන්න දෙයක්වත් නෙවෙයි
මම හිතනවා ඔක්කොම ප්‍රශ්න වලට උතරේ ලැබුන කියල :)
කවුද බන් ලංකාවෙ ඉන්න HP ඩීලර්ල්ස් ලා...
ReplyDeleteඅනික පට්ටා ටැක්ස් එකක් ගහයිද බන් ලැප් එකක් ගෙනුනවොත්??
@Anonymous
ReplyDeleteමමත් කව්ද කියලනම් දන්නේ නෑ. පොඩ්ඩක් සර්ච් පාරක දැම්මොත් හොයාගන පුළුවන් මචං,ටැක්ස් නම් ගහනව, පුළුවන් නම් උන් එක්ක කතාකරලා පොඩ්ඩක් අඩුකරගන්න බලන්න
ela wadak nea
ReplyDeletewadagath wisthara godak theyanawa,
ReplyDeleteCommunity eka rakaganna,
best of luck