Breaking News
Loading...
Tuesday, August 3, 2010

නොමිලේ ලැබෙන දේ වලින් වැඩ ගැනීම Part 3

ඔන්න එහෙනම් හෙමීට තුන්වෙනි ලිපියටත් පාතැබුවා.කවුරුත් පලවෙනි හා දෙවෙනි ලිපි බලන්නේ ඇති කියල හිතනව. දැන් වෙබ් හොස්ට් ගිනුමහදලනේ ඇත්තේ,හිතේ හැටියට වෙබ් අඩවියත් හදාගන්න ඇතිනේ. එහෙනම් දැන් තියෙන්නෙ ඒ හදාගතපු වෙබ් පිටුව අන්තර්ජාලයට මුදාහරින්න. ඒ කියුවෙ අර කලින් හදාගතපු වෙභොස්ට් ගිනුම වෙත එම වෙබ් පිටු Upload කරන්න. මේක එච්චර ලොකු වැඩක් නෙවී.නමුත් මේක කරන්න පොඩි මෘදුකාංගයක් ඕන වෙනව. මට තේරුන විදියට ඒකට හොද කියන FileZilla මෘදුකාංගය තමා. මේකත් 3mb විතර ප්රමානයේ මෘදුකාංගයක්.

මට මේක දෙවෙනි ලිපියදි කියන්න අමතක වුනා,සාදාගත් වෙබ් පිටුවේ ප්රදාන පිටුව සෑම විටම index.html යනනමින් තබාගන්න.ප්රධාන පිටුව කියල කියුවෙ අපි වෙබ් අඩවියට පිවිසුන විට මුලින්ම දිස්වන පිටුව

දැන් එහෙනම් වැඩේ පටන් ගමු.
පලමුව FileZilla බාගත කර පරිගනකයේ පිහිටුවා ගන්න.
බාගත කිරීම සඳහා පහත සැබැදුම භාවිතා කරන්න

Download Now

ඔන්න දැන් අර මම කලින් ලිපියෙ ඒ කියුවෙ මේපිලිබඳව ලියවුනු පලමු ලිපියේ කියුවෙ Host,username සහ Password යනටික නෝට්පෑඩ් එකක ලියල තියාගන්න කියල.ඔන්න ඕක දැන් ඕනවෙනව.


දැන් එහි ලියවුනු විස්තර ට්ක මෘදුකාංගයේ ඇතුලත් කරන්න (ඔය පහල දාපු විදියට)



ඊට පසුව Quickconnect යන්න ඔබන්න.



දැන් ස්වල්ප මොහොතක් ගතවී ඔබ සාදාගත් Ftp ගිනුමට සම්බන්ධවේ.



ආ තව දෙයක් කියන්න බැරිඋනා මේ File Zilla වල වම් පැත්තේන් පන්වනුයේ අපගේ පරිගනකයේ හාඩ් ඩිස්ක්යයි එහි දකුනු පසින් පෙන්වන්නේ අපගේ වෙභොස්ට් ගිනුමේ Ftp තුල ඇති දෑය.



දැන් ඔබ සාදාගෙන අවසන්වූ වෙබ් පිටුව වෙනම Folder එකක් තුල සේවු කරගන්න.දැන් ඔබ FillZilla මෘදුකාංගයෙන් ඔබගේ සාදා අවසන්වූ වෙබ් පිටුව ඇති ස්තානයට යන්න.

ඊට වම්පසින් පෙන්වන යනකොටසේ එනම් ඔබගේ වෙබ් හොස්ට් ගිනුමේ public_html
නමින් ඇති Folder තුලට පිවිසෙන්න


දැන් හි වම් පසින් ඇති එනම් අපගේ හාඩ් ඩිස්කයේ ඇති අප සාදා අවසන් කර ඇති වෙබ් පිටු සියල්ල හා ඒ වෙබ් පිටු සඳහා අදාලවන සියලු Folders වැනිදෑ සියල්ල Sellect කර මවුසයේ දකුනුපස බොත්තම ඔබා Uploadයන විධානය ලබාදෙන්න.



එවිට ඔබ තේරීම සිදුකල සියලු වෙබ්පිටු හා සියල්ල වෙබ් හොස්ට් ගිනුම වෙත යාම සිදුවේ. මේසඳහා තරමක් කාලයක් වැයවේ.මේ සඳහා යන කාලය තීරනය වෙනුයේ අන්තර්ජාල සබදතාවයේ වේගය හා ඔබ සාදා ඇති වෙබ් පිටුවල ප්රමානය මතය

එම ලිපි අන්තර්ජාලයට යෑම සිදුවන අවස්ථාවේ පහත ආකාරයට කොල හා රතු පැහැති බල්බ් දෙකක් වැනි කොටසක් දැකගත හැකිය

සියල්ලසාර්තකව වූපසු ඔබගේ වෙබ් අඩවියට පිවිස බලන්න. වෙබ් අඩවියට පිවිසීම සඳහා Host name එක යොදාගන්න. එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු. ඊලග ලිපියෙන් මීට ඩොමේන් නාමයක් ලබාගන්නා ආකාරය හා එහි දැන් වීම පලකරන ආකාරය කියාදෙන්නම්

0 comments:

Post a Comment

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger