නොමිලේ ලැබෙන දේ වලින් වැඩ ගැනීම Part 1
ඔන්න මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය ටිකක් විතර දිග වේවි.මම මේ දවස්ටිකේම කතා කලේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැනනේ. මේක ටිකක් ඒ විශයෙන් බැහැරව තමා කටයුතු කරන්නේ.හැබයි ඒකෙ සමහර කොටස්තුත් මේකට එකතුකර ගත්තොතින් පොඩි වාසියක් ගන්නත් පුලුවන්. මේකියාදෙන්න යන්නේ අන්තර්ජාලයේ සම්පූර්නයෙන්ම නොමිලේ ලබාගන්න පුලුවන් සේවා කිහිපයක් සහ ඒ සේවාවන් භාවිතාකරල අපේම කියල වෙබ් අඩවියක් සාදාගැනීම හා ඒ මගින් මුදල් සෙවීම ගැන තමා.ඔන්න මෙක පටන්ගන්න අවශ්ය කරන දේවල් කිහිපයක් ගැන මුලින්ම සඳහන් කරන්නම්.මේසඳහා වෙබ් හොස්ට් ආයතනක්,වෙබ් නාමයක්(ඩොමේන් එකක්),අන්තර්ජාල දැන්වීම සපයනා ආයතනයක්.(මේ මගින් මුදල් සෙවීම සිදුකරනුයේ නම් පමනක්) කියන දේවල් තමා අන්තර්ජලය තුලින් සොයාගන්න ඕනේ වෙන්නේ. තව මෘදුකංග දෙකක් පමන අවශ්ය වෙනව.ඒ කියුවෙ අප වෙබ් අඩවිය සාදාගැනූමට මෘදුකාංගයක් සහ එම සාදාගත් වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්කිරීමට මෘදුකාංගයක් අවශ්ය වෙනව.ඔන්න ඔය දේවල් තමා මූලිකව ඕනෙ වෙන්නේ.
දැන් එහෙනම් බලමු මේක් මුලින්ම පටන්ගන්නේ කොහොමද කියල. අපි මුලින්ම වෙබ් හොස්ට් ආයතනයක් අවශ්ය වෙනව.ඒ සඳහා මුදල් නොගෙවන සහ තරමක හොද සේවයක් ලබාගැනීමට නම් මට තේරුන විදියට 000webhost ආයතනය හොදයි වගේ.මට මේ 000webhost වල තිබුන හොඳම වාසිය ලෙස ලැබුනේ වෙබ් හොස්ට් ගිනුමක වැඩකටයුතු සිදුකලයුතු ආකාරය පිලිබඳව මනා දැනුමක් ලබාගන්න පුලුවන් වුනා
එහෙනම් පලමුව මෙම 000webhost කියන වෙබ් අඩවියේ ලියා පදිංචි වෙන්න.

එහි Free hostiing යටතේ ඇති පැකේජය තෝරාගන්න (Order now ඔබන්න)

දැන් ඔබට කුඩා ෆෝරමයක් මතුවේ එය නිවැරදිව පුරවන.
එම ෆෝරමය පිරවීමදී I will Choose Your Free SubDomain යන්න පහලින් ඔබට අවශ්ය ඩොමේන් නාමය ලබදෙන්න. මෙහිදී ඔබ කැමති ඩොමේන් නාමයකට වෙබ් ඩවිය සාදාගන්න.මොකද අප මෙම ඩොමේන් නාමය නොව වෙනත් ඩොමෙන් නාමයකට වෙබ් අඩවිය ගෙනියනු ඇත. දැන් එය නිවරදිව පුරවා submit කරන්න

දැන් ලැබෙන මෙනුවෙන් Goto Cpanal යන්න තෝරන්න.

දැන් එහි ඇති Ftp යන්න තුලට ගොස් එහි ඇති User name හා Password යන දෙක නෝට් පැඩ් එකකට කොපි කරගන්න. Host name එකත් කොපි කරගන්න(මේ තොරතුරු අපට අවශ්ය වනුයේ අප වෙබ් අඩවිය සාදා අවසානයේ එම අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම ඒ කියුවෙ Upload කිරීමදි තමා අපට ඕනෙ වෙන්නේ)
ඔයටික තමා පලවෙනියට කරන්න ඕනේ.දැන් තියෙන්නේ දෙවෙනි කොටස.ඒ කියුවෙ වෙබ් අඩවිය සාදා ගන්න කොටස.ඒපිලිබඳව මම ඊලග ලිපියෙන් කියාදෙන්නම්
0 comments:
Post a Comment
ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....