Breaking News
Loading...
Tuesday, August 3, 2010

ඕනෑම ෆයිල් එකක් ඇතුලට රිංගමු

ඔන්න මේ කියන්න යන්නෙ මටනම් ටිකක් අලුත් කතාවක්,මෙක කුඩාම කුඩා මෘදුකාංගයක් ගැන.මෙකෙන් පුලුඒන් ඕනෙම exe ෆයිල් එකක් හැක් කරන්න,ඒ කියන්නෙ මෙන්න මෙහෙමයි,මෙම මෘදුකාංගය මගින් ඕනෑම ජාතියක exe ,dll ,ocx ,cpl ,scr වගේ ඕනෙම ෆයිල් එකක් ඇතුලට රින්ගන්න පුලුවන්,ඒ වගේම ඒව තුල තිබෙන දෑ වෙනස් කරන්නත් පුලුවන්,තව කියුවොතින් ඒක තුල තිබෙන Icon වැනිදැ වෙනස් කොට ඒ වෙනුවට නවතම පෙනුමක් දෙන්නත් පුලුවන්, ෆයිල්ස් එකතු කරන්නත් පුලුවන්, තවත් දෙයක් කියන්න ඕනි ඔබට හොද Programming දැනුමක් තියනවනම් මෙක ඔබට හොදටම ගැලපෙනු ඇති,


ඔබ මෙම File එක Download කිරීම සදහා පහත Link එක භාවිතා කරන්න

Click hear to Download This File

  • මෙමගින් වැඩකරන හැටි සොයාබලමු,

  • මෙහි ඇති Setup file එක run කරන්න[එවිට එය ස්ථාපනය වීම සිදුවනු ඇති,]

  • පසුව මෙම පාත් එක මගින් එය Open කරගන්න.
  • Start—All programs—accessories-- ResHack 3.4.0


  • දැන් ඔබට අවශ්ය වන File එක Open කරගන්න[මෙහිදී මා open කරනුයේ Google chrome නම් මෘදුකාංගයයි]

  • ඒ සඳහා File තුල ඇති Open යන්න ලබාදෙන්න





  • එවිට පහත ආකාරයට දැක්වෙන අතර එහි Icon —1 තුල අති 1033 නම් ගොනුව right click කොට replace resource… යන්න ලබදෙන්න

  • දැන් ඔබට වෙනමම වින්ඩෝවක් ලැබෙන අතර එහි Open File With New Icon යන්න ලබදෙන්න .

  • මෙහිදී කිවිය යුතු තවත් කරුනක් තියනවා ඒ තමා අපට මෙම File එකහි Icon එක විදියට යම් EXE ආකරයට අති ගොනුවක් Icon File එකක් හෝ ලබාදීමේ හැකියාව ඇති

  • දැන් ඔබට අවශ්ය Icon එක සොයා ලබදෙන්න[ඔබ සොයාදුන් Icon එක Select New Icon ඉදිරියහි දිස්වනු ඇති ]

  • දැන් Replace යන විධානය ලබාදෙන්න

  • පසුව මෙය Save කරන්න

  • ඒ සඳහා File ගොස් Save as… යන්න ලබාදී ඔබට අවශ්ය ස්ථානය ‍තෝරාදෙන්න

  • මෙහිදී ඔබකැමති නමක් ලබදී අවසානයට ඊට ගැලපෙන extension එක ලබදෙන්න

  • දැන් අවසානයට මේආකාරයට දිස්වනු ඇති

  • ඔබ දැන් මෙය කොට බලන්න

මෙගිදී මා වෙනස් කලේ Google chrome මෘදුකාංගයේ Setup file එක සඳහා Icon එකක් ලබාදීමය.තවද ඕනෑම ෆයිල් එකක ඇති විස්තර වෙනස් කිරීම් නවතම විස්තර අතුලත් කිරීම් වැනි දෑ ඇතුලත් කිරීම සිදුකලහැකි අතර ඒසඳහා තරමක් හෝ මෘදුකාංග පිලිබද දැනුමක් තිබියයුතු බවද සලකන්න

1 comments:

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger