Breaking News
Loading...
Monday, October 11, 2010

මොකක්ද මේ Chitika.........?

මේදවස්ටිකේ මගේ අතපය කඩලදාල වගේ තිබුනෙ,ඇත්තෙන්ම මගේ Motherboard එක පිච්චිලා තිබුනෙ,අද තමා ඒක හදල පොඩ්ඩක් ජංජාලෙ පැත්තෙ ආවෙ.මේදවස්වල නිකන්ම ගෙදර ඉන්නත් බැරිනිසාම BIT කරන්නත් පටන්ගත්ත.දැන් හෙමිහිට අද කියාදෙන්න යනදේ ගැන පොඩ්ඩක් කියාදෙන්නම්

මටත් මේකෙ ගිනුමක් හදාගන්න පුලුවන් උනේ ලගදි,ඒකයි මාත් මේක ගැන පොඩ්ඩක් හොයල බැලුවෙ.ගූගල් ඇඩ්සෙන්ස් ගැන දැන් ඉතින් නොදන්න කෙනෙක් නෑනේ,මේකත් ඇඩ්සෙන්ස් හා සමාන නමුත් ඇඩ්සෙන් වලට වඩා ක්‍රියාකරිත්වය හා එහි දැන්වීම රටාව තරමක් වෙනස් දැන්වීම කලාවක්.ඇත්තෙන්ම මේ චටිකා කියන්නෙ දැනට ඇඩ්සෙන්ස් වගේම PPC ඝණයේ වෙබ් අඩවියක්.මොකක්ද මේ PPC කියන්නෙ කියල දැන් සමහරෙක් දන්නෙ නැතුව ඇතිනේ,Pay Per Click වර්ගයේ (කොටින්ම කියුවොත් තනිකරම ගූගල් ඇඩ්සෙන්ස් ඇඩ්බ්‍රයිට් වගේ) දැන්වීම කලාවක්.මේකෙ ලබාදෙන දැන්වීම ගූගල් ඇඩ්සෙන්ස් දැන්වීම සමගම භාවිතා කරන්න පුලුවන්,

මේකෙතියන විශේෂත්වය මොකක්ද කියල?මේක සම්පුර්ණව වැඩකරන්නෙ සෙවුම් යන්ත්‍ර හා අපගේ අඩවිවල ඇති බලබෑම මත තමා,ඒ කියන්නෙ මේ දැන්වීම දර්ශනය වෙන්නෙ සෙවුම් යන්ත්‍ර යොදාගෙන යම් අයෙකු ආවොත් පමණයි.උදාහරණයක් විදියට මෙහෙම හිතමුකෝ,යම් අයකු "Car" යන කීවර්ඩය භාවිතාකරල සෙවුමක් කලහොත් අපේ අඩවිය සෙවුම් යන්ත්‍රවලට අසුවීමේ ප්‍රමාය වැඩිනම් ඔන්න අපිට තමා මේකෙන් වාසිය.දැන් ඒ සෙවුම් ප්‍රතිඵ්ලය මගින් කවුරුහෝ අපේ අඩවියට ආවොත් මෙන්නෙ මේ චටිකා දැන්වීම් ප්‍රදර්ශණය වෙනව,හැබැයි මේ දැන්වීම ප්‍රදර්ශණය වෙන්නෙ සෙවුම් යන්ත්‍රවල බලපෑම මත විතරමයි,අපේ අඩවියට පැමිනිකෙනා සෙවුම සිදුකල කීවර්ඩ්ස් වලට අනුව තමා අපේ දැන්වීම දර්ශණය වෙන්නෙ.ඒ කියුවෙ එකම අඩවියක මේ දැන්වීම වර්ග දෙකම ඇතුලත් කරන්න පුලුවන්

මේකෙ අපිට නම් පොඩි පරහකුත් තියනව,මෙ දැන්වීම ආසියාතික කලාපයේ රටවල් වලට ප්‍රධර්ශණය වෙන්නෙ නම් නෑ,ඔය කෝඩ් එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරල පෙන්වගන්නත් බැරිකමක් නැ,ඒ උනාට හොදගෙවීමක් සිදුකරන්නෙ යුරෝපීය රටවල් වලින් සිදුවන පැමිනීම වලට.මේකෙ ගනන් හිලවු ගැන කතාකලොත් එහෙම මෙවුන්ගේ මුදල් ගෙවීමෙ අප්‍රමාණයන් නම් ගොඩක් ඉහලයි,සමහර වෙලාවට ගූගල් ඇඩ්සෙන්ස් වලටත් ඇඩියෙන් ගෙවනව,සමහර ක්ලික් වලට $5ක් පමණ ගේවන අවස්ථා පවා තියනව.මේකෙ තියන තව විශේශත්වයක් තමා අපි යම් අයකු හදුන්වා දෙනවටත් ඔවු අපට ගානක් දෙනව,.ඒ කියන්නෙ Referral Program එකකුත් තියනව.අපි කවුරුහරි හදුන්වලා දෙනවටත් අපිට පොඩි ගානක් දෙනව,ඔය පහලින් තියෙන්නෙ ඒවගේ එකක්,

Get Chitika | Premium

තවත් විශේශිත වාසියක් වෙන්නෙ $50 වුන ගමන් අපේ සල්ලි අපට ලබාගන්න අවස්ථාව ලබාදෙන එක.ඉස්සරනම් ඔවුන්ගෙ තිබුනෙ $100 කියන මුදල් ගෙවුම් මට්ටම දැන් ඒක වෙනස් වලා $50ක් කරල.කොහොමද මේ සල්ලි අපි ගෙන්වා ගන්නෙ කියලත් දැන් හිතෙනව ඇතිනේ.මෙකෙන් මුදල් ගන්න ක්‍රම දෙකක් තියනව,මම කලිනුත් කියුවනේ මේකෙන් හොද ආදායමක් ලබාගන්න පුලුවන් කියල.ඒවගේම අපිට මුදල් ගෙන්වාගන්නත් ක්‍රම දෙකක් තියනව,පලවෙනි ක්‍රමය තමා පේපැල් ගිනුමක් භාවිතා කිරීම. ඒක නම් හැබැයි අපිට 100% වටිනව කියල කියන්න බෑ,මොකද ලංලාවෙ හදන පේ පෑල් ගිනුම් වලට සල්ලි දාගන්න නම් බෑ,ඒක නිසා ඒ සල්ලි ගන්න ටිකක් කට්ට කන්න වෙනව,අනිත් ක්‍රමය තමා චෙක් පතක භාවිතා කිරීම,ඒකනම් ඉතින් ගොඩක් ලේසියි,

අපහැදිලිනම් ඒමත ක්ලික් කරන්න

ඔය උඩින් තියන පින්තූරය දැක්කම දල අදහසක් ගන්න පුලුවන් වේවි කියල මම හිතනව.මේ ක්‍රමයට අපිට මුදල් ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්,තවත් වැඩිදුර කියුවොතින් දවස් 30කට වරක් ඔවුන් මුද්ල් ගෙවීම සිදුකරනව.ගූගල් ඇඩ්සෙන්ස් වලට ට්‍රයි පාරක් දාන ගමන් මේ ගැනත් පොඩ්ඩක් සොයාබලන්න

10 comments:

  1. udawwak vidhiyata kiyanna lohomada uda thiyena navigation bar eka damme kiyala.

    ReplyDelete
  2. මම මේකට දෙපාරක්ම ඉල්ලුම් කලා.. වැඩේ හරිගියේ නෑ අයියේ.... මොකද දන්නෑ. ඉල්ලුම් කලායින් පස්සෙ මාසයකටත් වඩා බැලුවා. මේල් එකක් ඇවිත් තිබුනෙ නෑ

    ReplyDelete
  3. @Pramod Indunith
    ඔව් මල්ලී මටත් මේකට ඉල්ලුම කරල මාස දෙකකට විතර පස්සෙ තමා ඒකට ඇතුල් වුනා කියල මේල් එක ආවෙ

    ReplyDelete
  4. @ගීත් | Geeth
    බොහොම ස්තුතී මචන්

    ReplyDelete
  5. බලමු මේ වැඩේවත් හරි යයිද කියලා.
    බොහොම ස්තුතියි මලයෝ නිව්ස් එකට.

    ReplyDelete
  6. ඇතෙන්ම මේකනම් නියමයි අයියේ,මට මේක සමහරවෙලාවට ඇඩ්සෙන්ස් වලට වඩා හොදයි

    ReplyDelete
  7. @spammer :D
    ඔව් මම ඒ චෙකෙක මාරුකරගත්ත,ඒකට සති 3ක් විතර ගියා.

    ReplyDelete
  8. වැඩේ නම් අමාරුයි.. බට් මචන් එල ලිපියක්.... payout කොහොමද බං? හොදම සයිට් එකක් හදන්න ඕනා මේ වැඩේට නම්....

    ReplyDelete
  9. @ශාන්
    මචන් වැඩේ ටිකක් අමාරුයි තමා,ඒ උනාට ඒකෙන් අපේ අතට ගාන එනකොටනම් එහෙම නෑ,:D
    හොද ට්‍ර‍ෆික් එකක් ගත්තනම් නිකන්ම ගාන එනව,ස්තුතී මචන් ක්‍රමෙන්ට් එකට

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger