Breaking News
Loading...
Friday, October 1, 2010

ඇඩ්සෙන්ස් හා ලංකාව



මේකගැනනම් ටිකක් කතාකලොත් හොදයි කියල හිතුන.මොකද මේදවස්වල තියනත්ත්වෙත් එක්ක ඒගැන කතාකරන්නම ඕනෙ.අන්තර්ජාලයෙන් මුදල්සෙවීමදී ඇඩ්සෙන්ස්කියන මාතෘකාව ගැන කතා නොකරම ඉන්නබෑ.ඒඋනාට මේකෙ තියන අව්ල තමා ඇඩ්සෙන්ස් ගිනුමක් හදාගන්න බැරිකම.ඒනිසාම තමා මම මේගැන පොඩ්ඩක් හෙව්වෙ.

01. අපේ රටත් ආසියාතික කලාපයේ රටක් නිසා පොඩ්ඩක් යුරෝපීය රටවල් අපිට ටිකක් කුඩම්මගෙ සැලකිල්ලක් තමා තියන්නෙ.ඒනිසාම තමා අපිට මේක ගන්න ටිකක් අමාරු.අනික අපිට යූටියුබ් වෙබ් අඩවියේ තියන Partner Program නම් කොටසට යන්නත් බෑ.තේරෙන සිංහලෙන් කියුවොත් යූටියුබ් එකේ අපිට ගූගල් ඇඩ්සෙන් දාන දෙන්නෙ නෑ.නමුත් යුරෝපීය රටවල් වලටනම් එහෙම නෑ.මේතියෙන්නෙ කියන එකේ ලින්ක් එක.මේකට ගියාම අපි ආයෙත් නිකන්ම යූටියුබ් ප්‍රධාන පි‍ටුවට එනව. www.youtube.com/partners

02. දැන් ආපහු අපේ කතාවට බහිමු.මේ ඇඩ්සෙන්ස් ගන්නනම් අපි මොනවද කරන්න ඕනෙ?දැන් බ්ලොග්ර් වලට ඇඩ්සෙන්ස් ගන්නනම් ටොප්ලෙවල් ඩොමන් නාමයක් ඕනෙවෙනව.ඒ කියන්නෙ Yourname.com, Yourname.info වගේ එකක්.එහම එහෙම නැතිඋනොත් ඔවුන් අපට ටොප්ලෙවල් ඩොමෙන් එකක් අව්ශ බව කියල ඊමේල් එකක් එවනව.ඒගැන මම දැනගත්තෙත් ලගදි.ඕඅක තමා පලමු කාරනය.දැන් මෙහෙම කියුව කියල බ්ලොගර් වලින් වැඩක් නෑ කියල හිතන්න එපා.අපි බ්ලොගර් වල හොද බ්ලොග් අඩවියක් හදල ඊටපස්සෙ ඒකට ටොප්ලෙවල් ඩොමේන් නාමයක් එකතුකලාම හරි.


****updated****

03. දැන් එහි අන්තර්ගතය ගැන කතාකරමු.පුලුවන්තරම් Higher Paying Keywords යටතේ බ්ලොග් එක පවත්වාගෙන යනවනම් හරි.ඇතෙන්ම භවිතාකරනව කියන එක ගැන පොඩි පොඩි අවුල් වගයක් තියනව කියල ක්‍රමෙන්ට් වලින් මට තේරුනා.මේ Higher Paying Keywords කියන එක භාවිතාකරන්නේ කොහොමද කියල මම පොඩ්ඩක් කියාදෙන්නම්."Yahoo Domain" කියන්නේ Higher Paying Keywords එකක් කියල හිතන්නකෝ.(මේ Yahoo Domain කියන එක මීට කාලෙකට කලින්නම් Higher Paying Keyword එකක්)දැන් අපි බ්ලොග් එකේ ලිපි ලියන්න ඕනෙ මේ Yahoo Domain කියන එක මුල් කරගෙන.පොඩ්ඩක් සරලව කියුවොත් ඩොමේන් නේම්ස් ගැන,යාහු මගින් ලබාදෙන්නාවූ ඩොමේන් නේම් වගේ දේවල් පිලිබඳව තමා අපි ලිපි ලියන්න ඕනෙ.

04. මේ ලියන ලිපි අපේම ලිපිවීමනම් අනිවාර්යයි.අපේම අලුත් අදහස් වලින් යුක්ත උනානම් ඒ අඩවියතුලට යන එන ප්‍රමාණය එහෙමත් වැඩියි. දැන් ඉස්සරවගේ අනුන්ගෙ දේවල් ටිකක් කොපිකරල ඇඩ්සෙන්ස් ගන්න තියන ඉඩ ප්‍රමාණය බොහොම අඩුයි,අඩුයි කියන්නෙ ලැබෙන්නෙ නැතිතරම්.(මාත් පලවෙනිපාරට කලේ ගෙඩියපිටින්ම වෙන බ්ලොග් එකක් කොපි කරල ඇඩ්සෙන්ස් ඉල්ලපුඑක.)දැන්නම් ඒවගේ ලැබෙන්නෙ නැති තරම්.
බ්ලොග් අඩවිය සඳහා පවතින ට්‍රැ‍ෆික් එක,අනිත කාරනා ඔක්කොටම වඩා මේක බලපානව.අපි ඇඩ්සෙන්ස් වෙනුවෙන් නිර්මාණය කරනා අඩවිය දිනකට ඒ වෙත යන එන ප්‍රමාණය හා එහි පි‍ටුපෙරලුම් ප්‍රමාණය හොද මට්ටමක තියාගන්න.විශේෂයෙන්ම අපේ බ්ලොග් එකක් හදපු ගමන් ඇඩ්සෙන්ස් සදහා ඉල්ලුම් කරන්න එපා.සතියක් පමණකාලයක් එහි ට්‍රැ‍ෆික් එක හදාගැනීම සඳහා වෙහෙසවන්න.මේ ට්‍රැ‍ෆික් හදනහැටි මම මීට කලින් ලිපි කිහිපයක්ම ලියුව.සෙවුම්යන්ත්‍රවලින් යනැන ප්‍රමාණය.ඒ කියන්නෙ ට්‍ර‍ෆික් සඳහා සෙවුම් යන්ත්‍රකොතරම් භාවිතාකරනවද කියන එක

ගූගල් ඇඩ්සෙන්ස් වලට බ්ලොග් එකක් හදනකොට ඒ බ්ලොග් එක පුලුවන් තරම් හොද Qualityඑකක් තියන විදියට හදන්න.හදන්නම්වාලෙ හදන්න එපා.හොද පොස්ට් 30ක් විතර දාන්න.බ්ලොගර්වල අයිකන් එක එහෙමත් අයින් කරන්න.තව් ඒබ්ලොග් එකට ගැලපෙන හොද Template එකක් එහෙමත් දාල වැඩේකරන්න.මුලින්ම බ්ලොග් එක හදල ටිකදවසක් යනකන් ඇඩ්ස්බ්‍රයිට් වගේ සේවාවක් භාවිතා කරන්න.ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කරනවිට ඒ ඇඩ්ස්බ්‍රයිට් ඇඩ්ස් අයින් කරන්න.ඔයටික තමා අදට මූලිකව කියන්න තියෙන්නෙ,එහනෙම් මේ කියපු දේවල් ගැන ටිකක් හොයලබලන්න.

23 comments:

  1. ෂා.... නියම ලිපිය අයියේ... මේ වගේ ලිපි නම් අපිට වැදගත්...
    ඔයා ඉතින් ඇඩ්සෙන්ස් ගන්න ගිහින් කට්ට කාපු එකෙක්නේ... ඔයාගෙ අත්දැකීම් ලිපියකින් පැහැදිලිවම කිව්වට ස්තූතියි!

    ReplyDelete
  2. @Pramod Indunith
    මේ අත්දැකීම් මගේ විතරක් නෙවී,තව ගොඩක් දෙනාගෙ අත්දැකීමුත් තියනව.බොහොමස්තුතී මල්ලී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  3. නියම ලිපියක් මචෝ‍‍... ස්තුතියි !! දිගටම ලියන්න

    ReplyDelete
  4. ගීත් | Geeth
    බොහොම ස්තුතී මචන්.,

    ReplyDelete
  5. එල එල දිගටම ලියන්න.

    ReplyDelete
  6. @Admin
    බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  7. හ්ම්ම්, කතාව හරි. මටත් මග් ගිණුම බ්ලොක් උනාට පස්සෙ එකක් අළුතින් ගන්න උත්සාහ කරන්නත් එපා උනේ ඔය වගේ සිද්දි නිසා තමයි. :(

    ReplyDelete
  8. @Madhawa Habarakada
    ඒක ඇත්ත අයියේ,ඒ උනාට මේ දේවල්ටික තියනවනම් අපිට ඇඩ්සෙන්ස් වලට ඉල්ලන්න පුලුවන්.බොභොමස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  9. Adsense වල ලංකාවට Tax information fill කරන්නෙ කොහොමද කියල උදව් කරන්න පුලුවන් ද?

    ReplyDelete
  10. @Anonymous
    ඒක පුරවන්න තියෙන්නෙ අපේ ගිනුම $10 උනාට පස්සෙ නේද.?

    ReplyDelete
  11. එල ලිපිය......නියමයි.......

    ReplyDelete
  12. @අඳුරෙන් එළියට
    බොහොම ස්තුතී සහෝ.....

    ReplyDelete
  13. එක පුරවනකන් සල්ලි Hold කරනව. ලංකවට Tax info fill කරනෙ කොහොමද?

    ReplyDelete
  14. වැදගත් ලිපියක් ඇත්තටම සහෝ

    ReplyDelete
  15. @Anonymous
    එතනදි අපිට කියල ‍තෝරන්න අවස්තාව Nonus දෙනවනේ,ඒක තේරුවම හරි.

    ReplyDelete
  16. @Lahiru Udayanga
    බොහොම ස්තුතී සහෝ.

    ReplyDelete
  17. aiye,,,,,maxxxaa si=te eka...good luck!!!!!!!!!!!!

    ReplyDelete
  18. @sanjana rocks
    බොහොම ස්තුතී සහෝ,ඔයාලගෙ ශක්තියෙන් තමා මේවගේ ලිපියක් දෙන්න පුලුවන් උනේ

    ReplyDelete
  19. adbrite add close karala adsense dana hati kiyala denawada?
    adbrite wala kisima deyak labila naha
    danata 1 year wenawa. ekama computer eken adsense account 2k use karanna hoda nadda?

    ReplyDelete
  20. Obe Post Walata Bohoma Isthuti !. Malli Oyata Puluwanda Apita Empty Web Site Ekak Develop Karana Heti Oyage Post Ekakin Pehedili Karala Denna ?.. Oyage Me Wede Niyamai Elakiri !!! Godak Usas Wedak ! Meka Digatama Karagena Yanna!!!!!!

    ReplyDelete
  21. @Rajapaksha
    අයියේ ඔයා පොඩි පැහැදිලි කිරීමක් කරල දෙන්න,ඔය වෙබ් අඩවියක් කියල සඳහන් කලේ වගේ දෙයක් බහාවිතාකරල පටන්ගතපු වෙබ් අඩවියක්, ප්‍රසිද්ද කරල ඒකෙන් මුදල් හොයන එකද?

    ReplyDelete
  22. aiye mata dan 3 days welata issela adsense Hambe una

    ReplyDelete
  23. mamath adsence eakak nam gatttha amaruwen. but thama earn karana widiya pahadili ne.........

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger