Breaking News
Loading...
Tuesday, August 3, 2010

Ebay රස දැනීම

කවුරුත් දන්නවනේ මේ Ebay.com ගැන. මටත් පොඩි ආසාවක් තිබුන ඔය ඊබොක්කෙන් මොනවහරි ගෙන්වාගන්න. ඒත් ඉතින් කොහේ තියන සල්ලියක්ද? අතේ කීයක් හරි තිබුනත් කාඩ් එකක් නැතුව මොනව ගන්නද? ධනික අයියගෙ Ebay ලිපි ටික දැක්කම ඉතින් ඒ ආසාව Doubale උනා. මගේ හොද වෙලාවටද කොහෙද මට සම්පත් බැංකුවෙ Visa කාඩ් එකක් ලැබුන.( මට කියුවට අපේ තාත්තට). ඒපාර ආපහු ධනික අයියගෙ Ebay ලිපිටික හෙමීට කියවල අර ලැබුනු Visa කාඩ් එක Paypal වලට එකතුකලා.


මූලික දේවල් ටිකනම් හරි.ගන්නනම් දේවල් ඕනෙතරම්,ඒත් තාමා Ebay එක මට එච්චර හුරුනැති නිසාහිතේ බයකුත් තිබුන. ඒ ඔක්කොටම වැඩිය කාඩ් එකෙන් කීයක් හරි කැපුනු ගමන් ඒ කැපුනු ගාන S.m.s එකක් විදියට තාත්තට එනව, ඒ නිසා අර කාඩ් එක Paypal වලට එකතුකරන කොටකැපුන $1.95 මුදලෙන් මොකක් හරි ගන්න තමා බැලුවෙ.පැය 2කක් විතර Ebay එක පීර පීර බැලුව.හිතට හරියන කිසි දෙයක් නෑ.ඒත් මොනව කරන්නද මොනව හරි ගන්න ඕන කියලත් හිතේ තිබුනු නිසා හොයල හොයල ඔය පහල තියන එක Oder කලා



මේක දැන් ඉල්ල හරියටම අදට සතිදෙකක් වෙනව. අද උදේ මේක ලැබුන. මේ මම ගතපුදේ නම් එචචර වටින්නේ නෑ. ඒවුනාට Ebay පිලිබඳව අවබෝදයක් ගන්න පුලුවන් උනා. දැන් ඉතින් වැඩේ හරියටම දන්නනිසා තව පොඩි පොඩි දේවල් ටිකක් ඉල්ලුව. දැන් නම් රස දැනිල ඉවරයි. ධනික අයියේ Ebay ගැන පලකල ලිපිටික නිසා ඒ පිලිබඳව හිතේ තිබුනු බය නැතිකිරීම වෙනුවෙන් ඔබට හදවතින්ම සුබපතමි.

3 comments:

  1. @BIGDizz
    ස්තුතී සහෝ...

    ReplyDelete
  2. That's really useful for the novice persons for buying things from ebay...
    Well done!!!!

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger