Breaking News
Loading...
Tuesday, August 3, 2010

ගූගල්ලට පීස්සුද හැටිද?

ඇත්තෙන්ම දැන් මටනම් මේක මහම මහ වදයක් වෙලා.මේක දැනට මටනම් වුනේ බ්ලොග වලට විතරයි.තව කාට කාට මේක වෙලාද දන්නේ නෑ.මේක මුලින්ම වුනේ මම ඇඩ්සෙන්ස් සඳහා භාවිතා කරන ඊමේල් ලිපිනයහි තමා,මම ඇඩ්සෙන්ස් සඳහා බ්ලොග් සයිට් 5 විතර භාවිතා කලා.ටිකදවසකින් මම අලුතින් බ්ලොග් එකක් හදුවා,ඒකේ ගූගල් ඇඩ්ස් ටිකක් එහෙම දාල Hit counter එකකුත් දාල දවසක් විතර මම ඒකේ වැඩකලා,ඊට පස්සෙ ඒකටම අලුතින් search bar එකකුත් එකතුකලා.මොකද ඇඩ්සෙන්ස් වලින් වැඩිපුර මුදල් ලැබෙන්නේ seacrh වලට නිසා.පසුව මගේ යාලුවකු කීව ඒ බ්ලොග් එකට යන්න බෑ කියල.පස්සෙ මම මගේ බ්ලොග් එකේ dashboard එකට ගියාම එතන අලුතින් හදපු බ්ලො එක පේන්න තිබුනේ නෑ.එහි මේ විදියට තමා දකින්න තිබුනේ



ඒකෙ තිබුන විදියට මේ මම හදපු බ්ලොග් එක spam බ්ලොග් එකක් කියලා තිබුනා,ඒක නැවත පෙර පරිදි භාවිතා කිරීමටනම් පහත ඇති restor යන්න click කරන්න කියලත් තිබුනා,පස්සේ restore click කරාම recaptcha puzzle එකකුත් තිබුනා ඒකත් හරියට ලියලා ඇපිල් එකක් දැම්මා.එහිදී මෙම ඇපිල් එක සඳහා දින කිහිපයක් පසුවන බවත් එයට පිලිතුරු ඔබට ඊමේල් එකකින් එවන බවත් සඳහන් කරලා තිබුනා.නමුත දැන් සති 2 විතර වෙනවා කිසිම ඊමේල් මට ඇවිත නෑ,ඉතින් මෙච්චර දවස් බලන් ඉන්න බැරිම තැන මම තවා අලුතින් බ්ලොග් එකක් හැදුවා,ඒකෙනම් මුකුත් දාන්නත් ඉස්සෙල්ලම(ඒකෙ පොස්ට් ටික විතරයි දැම්මේ) මෙම බ්ලොග් එක spam බ්ලොග් එකක් කියලා සඳහන් ඊමේල් පනිවුඩයක් ආවා.ඒපාරනම් තේරුනා මේක මගේ වැ‍රැද්දක් නෙවී කියලා.ඒත් ඉතින් මොනව කරන්නද නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා ආපහු අපිල් එකක් දැම්මා.ඇපිල් එක දාල මම මගේ ඉස්සර තිබුන බ්ලොග් එකකට අලුතුන් පොස්ට් 3 විතර දාල ආපහු ඒකටත් search bar එකක දැම්මා,ඒක දැම්ම විතරයි ඒකටත් ඉස්සර වෙච්ච සෙතේම තමා.දැන්නම් මලේ මල,ඒ කොහොම වුනත් මොනවා කරන්නද,එකටත් ඇපිල් එකක් දාලා sine out වුනා.දැන් තියෙන්නේ බ්ලොග් සයිට් 4යි,දුකතමා මොනව කරන්නද..?

මමත් ටිකක් ඊමේල් ලිපින වැඩිපුර භාවිතා කරනව(සිතිජ මලය වගෙ).මගේ සිංහල බ්ලොග් එකට භාවිතාඅ කරන ඊමේල් ලිපිනය මගින් මම තව අලුත් බ්ලොග් එකක හදලා ඒකට වෙනත් ඇඩ්ස් වර්ගයක් දැම්ම.දැම්මේ adsbanger කියන ඇඩ්ස් වර්ගය.ඒක දාල පැයකින් විතර ආපහු පෙර පරිදි ඒකත් ස්පෑම් බ්ලොග් එකක් කියලා ඒකත් නැතුව ගියා,ඇත්තටම මම මගේ යාලුවෙකුගෙන් ඇහුවම එයා කියුවෙ මේකට හේතුව චීන හැකර් කරුවන් විසින් ගූගල් වෙත යවනලද වෙරස් වල බලපෑම කියලා.ඒකනම් ඇතතද බොරුද කියන්න මම දන්නේ නෑ නමුත් මගේ බ්ලොග් 4ක්ම මට නැති වුනා

1 comments:

  1. මගෙත් බ්ලොග්ස් 4කට විතර ඕකම උනා... හැබැයි ම්ම් තවම දන්නේ නෑ මගේ ඒවත් ස්පෑම් උනේ කොහොමද කියලා...

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger