Breaking News
Loading...
Saturday, December 18, 2010

බ්ලොග්කරනයට වසරයි


අද කියන්න යන්නෙ තාක්ශනික ලිපියක් නම් නෙවෙයි.මේක මගේ තරමක ජයක්ග්‍රහනයක් කියුවොත් හරි,මොකද මට එක දෙයක් දිගට කරගෙන ඉන්න බැරි පොඩි රුදාවක් තියනව ඒ උනාටමේපාර මේ බ්ලොග් එකනම් වසරක් එකදිගට ඇදගෙන ආව.ඇත්තෙන්ම මම මේ වසරක කාලයතුල දැනගතපු දෙවල් නම් බොහොමයි.ඒවයි වටිනාකමනම් කියල නිමකරන්න බැරිතරම්.garupale

මම සිංහල බ්ලොග් පිලිබඳව දැනගත්තෙ අහම්බෙන්.මම මුලින්ම සිංහල බ්ලොග් එකක් විදියට දැක්කෙ කියන latestmovielk.blogspot.com බ්ලොග් අඩවිය.ඒ බ්ලොග් ලියන අයිය මම පුද්ගලිකව අදුරනව,එයාගේ පිහිටෙන් දැනගත්ත සිංහලෙන් ලියන හැටි,හා තව දැනට පවතින බ්ලොග් කියවන පිලිබඳව විස්තර ටිකක් දැනගත්ත

පස්සෙ ඉතින් සිංහල බ්ලොග් එකක් පටන්ගන්න තිබුන උණ හොදටම වැඩිඋනා.ඉතින් නමෝවිතියෙන් මගේ ජීවිතේ විශේෂ දවසකදි මම මගේ බ්ලොග් එකත් පටන් ගත්ත.මේක මුලින්ම SlBloggs.blogspot.com කියන නමින් තමයි පටන් ගත්තෙ.ගොඩක් දෙනා හිතුවෙ මේක ශ්‍රීලංකා බ්ලොග් කියන එක කෙටිකරල මේ නම දාල කියල.හැබැයි මම ඒ නම දැම්මෙ නම් වෙන හේතුවක් මත.garupale

මම මුලින්ම ලියන්න කියල හරියට දෙයක් තිබුනෙත් නෑ,ඒනිසා විජය පරිගනක සගරාව පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරල දාන්න ගත්ත.කොහෙද කිසිම කමෙන්ට් එකක් නෑ.අනිත් එක ඒක හරිම බලුවැඩක් කියල පස්සෙ තේරුනා.පස්සෙ පස්සෙ මගේම කියල ලිපියක් දැම්ම "ෆෝල්ඩරයක් ආකාරයට ඇති වෙරස් හදුනාගැනීම"කියල.ඔන්න දෙයියනේ කියල ඒකට කමෙන්ට් එකක් තිබුන.ඒ මුල්ම කමෙන්ට් එක තිබුනෙ Madhawa Habarakada. කියන නමින්.ඒ කාලෙනම් කවුදමේ කියලවත් දන්නෙ නෑ, නමුත් පසුකාලීනව හොදට අදුර ගත්ත.

ටික කාලයක් මෙහෙම යනකොට මගේ බ්ලොග් එකේ පේජ් රන්ක් එක 3ක් උනා,පස්සෙ වර්ගීකරනයට අනුව ලංකාව තුල 215ට විතර එන්න පුලුවන් උනා.මෙහේම් ශේප් එකේ කාල යනකොට .Com වලට මාරුවෙන්න පුලුවන්කමත් ලැබුන.ඒ ඩොමේන් එක අරගේන් සතියකින් විතර බ්ලොග් එක මට නැතිඋනා.garupaleඒ ස්පෑම් නිසාම,ඒ වෙනකොට ස්පැම් කියන එක ගැන හරියට කිසිදෙයක් දැනගෙනහිටියෙ නැති නිසා ඒක මට නැත්තටම නැති උනා.දන්න සෙල්ලම් හැම එකම දාල බැලුවත් වැඩේනම් හරිගියේ නෑ.ඉතින් ආපහු බ්ලොගර් තුලම වෙන බ්ලොග් එකක් ආරම්භ කරා.නමුත් ඉස්සර තුබුන ලිපි වලින් හැම එකක්ම මට ආපහු ගන්න බැරිඋනා.නමුත් ඒ වෙනකොන නව ඩොමෙන් නාමයක් අරන්තිබුන නිසා මට ඒක සහනයක් උනා.

මම කාලයක් යනකොට අන්තර්ජාල ගැන ගොඩක් දේවල් දැනගත්ත.ඒ දන්න හැමදේම මම බ්ලොග් එක හරහා බෙදාගත්ත.ඒ වෙනකොට බ්ලොග් කරනය තුලින් හොද යාලුවෝ පිරිසක් හදුනගත්ත.මේතන ඒ නම් දන්නෙ නම් නෑ,මොකද කාගෙහරි නමක් අඩුවුනොත් ඒක මම කරන වැ‍රැද්දක් නිසා.(එතකොට දෙපැත්තම ශේප් නේgarupale).

මට මේ බ්ලොග් එක ලිඅයන්ව අඩුයි කියල දැන් දැන් නම් සමහරු කියනව.එහෙම වෙන්න මූලික හේතුවත් පොඩ්ඩක් කියන්නම්.මම මේ බ්ලොග් එක ලියනම් වාලේ ලියන්න කැමති නෑ,ලියන දෙයින් කාටහරි ප්‍රයෝජනයක් ලැබෙන දෙයක් ලියන්න තමායි කැමැත්ත,ඒ පොරටෝක් දුන්නත් ඉතින් වෙලාවක් ලැබුන හැටියෙ බ්ලොග් එකේ මකුනුදැල් කඩල දූවිලි ගසල අලුත් ලිපියක් ලියනවgarupale

මට ඉස්කොලෙ යන කාලෙ ඉදන් කතා ලියන්න නම් එචර ලොකු පුරුද්දක් නෑ.ඒ නිසා මම වටෙන් ගොඩින් ගැටගහගතපු දේවල් තෙරෙන්නෙ ඇති කියල් හිතනව.මෙචරකාලයක් මේගේ බ්ලොග් එක කියවල මට ශක්තියක් වෙච්ච සැමටත්, මේක දිගට කරගෙන යන්න නන් අයුරුන් සහය දුන්න සැමටත් හදපිරි ස්තුතිය පුද කරනව.මගේ කතාව මින් අවසානයි,අමාරුවෙන්හරි කියවපු ඔබසැමට බොහෝම ස්තුතී.hah

30 comments:

  1. මෙ අපෙ බොල්ක්‌ එකනෙ.. මෙ නිර්මානය අපෙ සිංහල බොල්ක්‌ අටෙර ව්ශිස්‌ටයෙක්‌ වෙව...මගෙ හද වටින්ම සුබ පටුම් ලසිදු මල්ලි......
    Nilanga Ayiya..

    ReplyDelete
  2. සුභ පැතුම් මචෝ...

    ReplyDelete
  3. සුබ පැතුම් මල්ලි ...තව තවත් හරබර ලිපි වලින් SlBloggs.blogspot.com පුරවන්න.. අපිට කියවන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ....

    ReplyDelete
  4. මගෙනුත් සුභ පැතුම් අයි‍යා!!!

    ReplyDelete
  5. මගෙන් සුබ පැතුම් සහෝදරයා !!!!! දිගටම බ්ලොග් එක කරගෙන යන්න. කතාවෙන් නම් තේරෙන්නෙ ගොඩක් බාධක මැඩගෙන බ්ලොග්කරනයේ යෙදුනු කෙනෙක් වගේ. කොහොමත් සහෝදරයා අපට බාධක එනවමනේ

    බුදුවෙන්ට පෙරුම් පුරන බෝසතුන්ටත් බාධක ආවනම් පෘතග්ජනයෝ වෙච්චි අපට බාධක බැති වේවියෑ !!!! දිගටම කරගෙන යන්න. !!! මගෙන් සුබ පැතුම්!!!!

    ඔබට ජය !!!!!

    ReplyDelete
  6. සුභ පැතුම් මල්ලි . මම නම් ඔයාගෙ බ්ලොග් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එ ඔක්කොටම ගොඩක් ස්තූතියී. දිගටම කරගෙන යන්න..............ජය.

    ReplyDelete
  7. සුබපැතුම් මචන්... දිගටම කරගෙනයන්න !!

    ReplyDelete
  8. සුභ පැතුම් යාලු. :)

    ReplyDelete
  9. එළ එළ !! ඔහොම දිගටම යමු !!

    ReplyDelete
  10. ජයෙන් ජය දිගටම කරගෙන යාමට ශක්තිය ලෑබෙවා....!

    ReplyDelete
  11. අපෙනුත් සුබ පැතුම්........මීටත් වඩා හොදට මේ බ්ලොග් කෙරුවාව කරගෙන යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා!!!!!!!!!!!!

    ReplyDelete
  12. @සියලුම දෙනාටම

    දැන් තමා ජංජාලෙ පැත්තෙ එන්න පුලුවන් උනේ.ඒකයි මේ කමෙන්ට් ටික පබ්ලිශ් කරන්න පරක්කූනේ,මාත් එක්ක මෙච්චර කල් හිටිය වගේ දිගටම ඉන්න කියල මම ඉල්ලනව,වෙනද වගේම දන්න දෙයක් තියනවනම් කාටත් කියාදීල ඒකෙන් සතුටක් ලබනව,ඉදිරියට මීටත් වඩා හොද ලිපි ලබාදෙන්න උත්සාහ කරන්නම්.බොහොම ස්තුතී සියලුම දෙනාට

    ReplyDelete
  13. නම කියන්න අකමැති උබේ යාලුවෙක්December 18, 2010 at 4:29 PM

    අපි දන්නව තව දෙයක් :D

    අදට අවුරුද්දක් වෙනවගේ උබේ ආ_ර_ටත්.මගේ නමදාන්න නම් බෑ.
    (පුලුවන් නම් කමෙන්ට් එක පබ්ලිශ් කරපන්)

    ReplyDelete
  14. ඔන්න පබ්ලිශ් කරා, මට උබව අදුරගන්න නම් බෑ,ඒ උනාට කතව නම් ඇත්ත :D

    ReplyDelete
  15. සුබපැතුම් මල්ලි. දිගටම කරන් යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  16. @Kanishka | කණියා
    බොහොම ස්තුතී අයියේ.

    ReplyDelete
  17. ඇත්තෙන්ම මල්ලි ඔයාගේ ලිපියේ මුල් ටික කියවන කොටම මට පුදුම සතුටක් ඇතිවුනා. මුලදි මගේ වෙබ් එක දැකලා සිංහලෙන් ලිපි ලියන්න ආරම්භ කලා කියපු මල්ලිගේ බ්ලොග් එක දැන් සිංහල බ්ලොග් අතර ඉහලින් වැජබෙන බ්ලොග් අඩවියක් බවට පත්වෙලා තියනවා. අද මල්ලිටත් වඩා සතුටු මට. :) බොරු කියන්න ඕන නැහැ නේ. අදටත් මල්ලිගෙන් තමා සමහර තාක්ෂනික දේවල් අහා ගන්නේ. උදා: GIF Animator එක ගැන. කොහොමහරි BIT එකත් කරගෙන පරිගණක ක්ෂේත්‍රයේ ඉහළ තැනකට යාමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!!!

    ReplyDelete
  18. මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  19. @gani01
    මමයි ස්තුතී කරන්න ඕන ඔයාගේ යාලුව(Gayan Sachith) නිසා තමා මම මුලින්ම පරිගනකයක් ඇල්ලුවෙ,ඊට පස්සෙ ඔයාගේ බ්ලොග් එක නිසා තමා මම මේ බ්ලොග් සටහන් සිංහලෙන් ලියන්න ගත්තෙ,ඔයාලගේන් ලැබුන සප් එකෙන් තමා මෙච්චර දුරක් ආවෙ.බොහොම ස්තුතී මටත් කරපු මේ උදවු වලට

    ReplyDelete
  20. @Ganidu Deeshan
    බොහොම ස්තුතී මචෝ

    ReplyDelete
  21. අනේ අයියෙ සමාවෙන්න ඕන පරක්කු වුනාට. නැත්නම් මුලින්ම සුබ පතන්නෙ මම.

    ලංකාවට වටින දේවල් කියල දෙන SL BLOGGS ලසිඳු අයියට මගෙ හද පිරි ප්‍රණාමය. ඉදිරියටත් මෙවැනි තවත් බොහෝ දේ රැගෙන එන්න. සීතල මාසේ මගෙන් උණුසුම් සුබ පැතුම්!

    ජය වේවා!!!

    ReplyDelete
  22. @Pramod Indunith
    ඒක් අව්ලක් නෑ මල්ලියෝ,පරක්කුවෙලා හරි වචනයකින් මට සංග්‍රහ කලාට බොහොම ස්තුතී මචෝ.

    ReplyDelete
  23. මචෝ දිගටම කරගෙන යන්න.උනුසුම් සුබ පෑතුම්

    ReplyDelete
  24. @sameera
    බොහොම ස්තුතී මචෝ,ඔයාලගේ ශක්තියෙන් තමයි මම මෙච්චර දුරක් ආවෙ.

    ReplyDelete
  25. අනේ පරක්කු උනාට සොරි කොල්ලෝ. මේ දවස් ටිකේම නෙට් ආවේ නෑනේ. දැන වැඩ වැඩියි. අනික ලැපටත් කෙල උනානේ... මගේ සුභ පැතුම් කොල්ලෝ.. ඔහොම යමු.. එල එල මචන්...

    ReplyDelete
  26. බොහොම ස්තුතී මචන් පරක්කුවෙලා හරි මාත් එක්ක දුක සතුට බෙදාගත්තට,බොහොම ස්තුතී කමෙන්ට් එකට

    ReplyDelete
  27. suba pathum..... :D :D parakku unata sorry hodee

    ReplyDelete
  28. @namila007
    පරක්කු උනාට කමක්නෑ මචෝ,වචනෙකින් සංග්‍රහ කලාට බොහොම පිං :)

    ReplyDelete
  29. ඇත්තටම ඔයාගෙන් ලොකු දෙයක් යිගෙන ගන්න තියෙනවා....මම මේ පොස්ට් එක දැක්කෙ අද...ඔයා මට උදෞකරනවාද?මටත් ගොඩක් දේවල් දැනගන්න ඕනැ....ඔයාගෙ දුරකථන අන්කය දෙනවද?

    ReplyDelete
  30. @ගමගෙදර මල්ලි
    මම පුළුවන් උදවු දෙන්නම් (http://www.slbloggs.com/2001/05/contact-lasindu-admin-slbloggscom.html) එක භාවිතා කරන්න.

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger